
හේවාහැට Expo: මහනුවර පුරවරයේ රාජ්ය අංශය මගින් සංවිධානය කරන දැවැන්තම සේවා සහ වෙලද ප්රදර්ශනය
ග්රාමීය ජනතාව අභියෝග රැසකට මුහුණ දුන් පරිසරයක් තුළ ඔවුන්ගේ අතමිට සරු කර නව නිපැයුම්වලට නැවුම් මුහුණුවරක් ලබා දීමේ අරමුණෙන් සහ සුළු හා මධ්යම පරිමාණ ව්යවසායකයන් සවිබලගැන්වීම යන අරමුණු පෙරදැරි කරගනිමින් ඇරඹි Hewaheta EXPO සේවා සහ වෙළෙඳ ප්රදර්ශනය මාර්තු මස 25 සහ 26 දෙදින මහනුවර සහස් උයන පරිශ්රයේදි පැවැත්විණි.





ශ්රී ලංකාවේ දේශිය නිෂ්පාදන සහ සේවා එකම තැනක
- අත්කම් නිර්මාණ
- ආහාර නිෂ්පාදන
- ඇගලුම් නිෂ්පාදන
- කෘෂිකාර්මික නිෂ්පාදන බැග් සහ පාවහන් නිෂ්පාදන




හේවාහැට Expo වෙලද ප්රදර්ශනයට සමගාමිව HNB බැංකුව හදුන්වාදෙන් SOLO APP හා ඩිජිටල් ගෙවිම් පහසුකම් පාතහේවාහැට ව්යවසායකන් වෙත හදුන්වාදිම.

2023 වර්ෂයෙහි නිදහස් දින සැමරුම් උළෙල පෙබරවාරි 4 දින අප කාර්යාල පරිශ්‍රයේ දී ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.උත්සවය ආරම්භ වූයේ නිලධාරීන් සමඟ පාසල් සිසුන් කිහිප දෙනෙකු විසින් ජාතික ගීය ගායනා කිරීමෙනි.



මෙම වැඩසටහනට සමගාමීව රුක් රෝපණ වැඩසටහන අප කාර්යාලයේ නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

ශ්‍රි ලංකා හදබිම අධිකාරිය හා පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද නිල් දියවර ජල පෝෂක සංවර්ධන ව්‍යපෘතිය යටතේ අම්බම්මාන වැව ආශ්‍රිතව ජල කාමි ශාඛ රෝපණ වැඩ සටහන (රෝපන ද්‍රව්‍ය වටිනාකම රු 250,000.00) 2021.12.01 දින පැවැත්විණි.





ප්‍රාදේශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් 2022 නව වසරේ කාර්යාල කටයුතු මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාදයෙන් අනතුරුව ආරම්භ කෙරිණි.





මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර පුනුරුත්ථාපන ක්‍රියාවලිය සඳහා ප්‍රජා පොලිස් නිලධාරීන්ගේ අඛණ්ඩ මැදිහත්වීම සඳහා ගුරුදෙණිය, තලාතුඔය සහ හඟුරන්කෙත පොලිසි ස්ථානවල නිලධාරින් 75 ක් උදෙසා 2021/11/29 දින දැනුවත් කිරීමේ වැඩසටහන.


















