
මානව සම්පත් නිලධාරි විසින් සංවිධානය කළ රැකියා පොළ වැඩසටහන 2023/10/04 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිශ්රය තුලදී සාර්ථක අයුරින් පවත්වන ලදී.මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට ක්ෂේත්ර නිලධාරීන් සහයෝගය ලබා දෙන ලදී.




ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්විම මත 2023.10.06දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ පැවති “නුවණ” අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන.





පොසොන් පොහෝ දින මොරගොල්ල ජනපදය සුපර් ලයන් ක්‍රිඩා සමාජය සහ සුබ සාධක සංගමය එක්ව ඉතා සාර්ථකව ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ලබා දුන් අතර එහි ආරම්භ අවස්ථාව සදහා පාතහේවාහැට ප්රාදේශිය ලේකම් තුමිය,සංස්කෘතික නිලධාරී තුමිය,ක්‍රිඩා නිලධාරීතුමිය සහ වෙනත් ආයතනයන්හි නිලධාරීන් ද ඒ සදහා සහභාගි විය




කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් පෙර පාසල් සඳහා අධ්‍යාපන උපකරණ ලබාදීම ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 2023.07.12 දින පැවැත්විණි.





උතුම් වූ පොසොන් පොහොය නිමිති කරගෙන පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ "අමා වැස්ස" බැති ගී සරණිය 2023-06-02 දින පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රයේදි පවත්වන ලදි



















