
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී සහ ආර්ථික අපහසුතා ඇති ගැබිණි මව්වරුන් 25 දෙනෙකුට පෝෂණ මල්ලක් ලබාදීමේ වැඩසටහනක් 2023 මැයි මස 31 වන දින පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම්, HNB කුණ්ඩසාලේ ශාඛාවේ කළමනාකරු නියෝජනය කරමින් මධ්‍යම පළාත් ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරි, තලාතුඔය වෛද්ය නිලධාරීවරයා නියෝජනය කරමින් කාර්ය මණ්ඩලය, පවුල් සෞඛ්ය නිලධාරිනිය සහ තලාතුඔය පොලිසියේ නිලධාරීන් එක්ව සිටියහ.




බොදු විදුහල් පොසොන් කලාප 2023
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පාතහේවාහැට තලාතුඔය ශාසනාරක්ෂක මණ්ඩලය හා බෞද්ධ විද්‍යාලයීය ආදි ශීෂ්‍ය සංගමය මඟින් සංවිධානය කරනු ලබන පොසොන් කලාපය 2023.
ඔබ සැමට බැති සිතින් ආරාධනා !!!


2567 වන වෙසක් මංගල්‍යය සැමරීම නිමිත්තෙන්- “අයිස්ක්‍රීම් දන්සල”
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද අයිස්ක්‍රීම් දන්සල 2023/05/03 දින ප්‍රාදේශීය ලේකම්තුමිගේ මඟපෙන්වීම මත කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.





බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව මෙවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් විශේෂිත වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.
එහි එක් සුවිශේෂී අංගයක් ලෙස ආක්‍රමණශීලී තෘණ යොදා නිපදවන කඩදාසි භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද වෙසක් සැරසිලි වලින් මෙවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත්,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් සහ කැන්ඩි සිටි සෙන්ටර් පරිශ්‍රය ඒකාලෝක වනු ඇත...

වෙසක් සතිය පුරා පැවැත්වෙන මෙම වෙසක් සැරසිලි නැරඹීමට ඔබටත් සැදැහැ සිතින් ආරාධනා...!!!







උදා වු සිංහල හින්දු අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ උත්සවය සගම රජමහ විහාරයේදී ප්‍රාදේශීය ලේකම් තුමියගේ සහභාගිත්වයෙන් විහාරාධිපති පුජ්‍ය නාපාන විජිත නායක ස්වාමින්වහසේගේ අනූශාසකත්වයෙන් අප්‍රේල් 16 දින පැවැත්විනි.




















